Jesse Owens - ජෙසී ඔවෙන්ස්

SKU:
UDA-LIF-00786
US $1.10
(No reviews yet) Write a Review

Jesse Owens - ජෙසී ඔවෙන්ස්
Author: Philip Steele
කතෘ : පිලිප් ස්ටීල්
Translator: Uditha Alahakoan
පරිවර්තක : උදිත අලහකෝන්
Life Stories - චරිත කතා
Bedtime Stories - කියාදෙන කතා
ISBN: 9552090180

විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි ලොව ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකි. මොවුන් අතරින් බහුතරයක් ජීවිතය දිනා ඇත්තේ අප්‍රමාණ දුක් කම්කටොලුවලට හා බාධකවලට මුහුණ දෙමිනි. තමා අභිමුව තිබෙන සෑම බාධකයක්ම අභියෝගයක් සේ සැලකීමට තරම් අයෝමය චිත්ත ධෛර්යයක් ඔවුන් සතුව පැවතිණි. ජෙසී ඔවෙන්ස් යනු තමා උපන් බිමේත් නාසින්ගේත් වර්ගවාදී නොපනත්කම් ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජය කණුව කරා දිව ගිය චරිතයකි. මේ, එවන් අසිරිමත් චරිතයක් සිංහල පාඨකයාට හඳුන්වාදීමට ගත් ප්‍රයත්නයකි.
මෙවන් චරිතයක් හැදෑරීම තුළින් ජීවිතය ජය ගැනීම උදෙසා නව පණක්, ජවයක් අප සිත තුළ උද්දීපනය කර ගැනීමට ඉවහල් වෙයි.
කතාන්දරයක් ලෙස රසවත්ව කුඩා දරුවන්ට කියා දීම තුළින් ඔවුන් තුළ ජව සම්පන්න පෞරුෂයක් ක්‍රමිකව නිර්මාණය කරවිය හැකි වෙයි.