Sarthaka Jeevithayakata Sanniwedana Muladarma - සාර්ථක ජීවිතයකට සන්නිවේදන මූලධර්ම

SKU:
NIK-COM-00830
US $1.89
(No reviews yet) Write a Review

Sarthaka Jeevithayakata Sanniwedana Muladarma - සාර්ථක ජීවිතයකට සන්නිවේදන මූලධර්ම
Author: Nishantha Kamaladasa
කතෘ: නිශාන්ත කමලදාස
Publisher: Author Publication 
Communication - සන්නිවේදනය
ISBN: 978978955966825

"සන්නිවේදනය" යන වචනයත් සමග අප බොහෝ දෙනෙකු තුළ හට ගන්නා හැඟීම වන්නේ එය "ජනමාධ්‍ය" ක්ෂේත්‍රය උදෙසා පවතින්නක් ලෙසය. කිසිවෙක් මේ විෂය හදාරනවා නම් ඒ මෙම ක්ෂේත්‍රයේ නිරත වීම උදෙසා බවය.
එහෙත් අපේ පවුල තුළ, සමාජය තුළ අප එදිනෙදා පවත්වන සබඳතා තුළදී අපගේ "සන්නිවේදන" දුබලතා හේතුවෙන් අප විශාල පීඩාවන්ට ලක් වෙයි. දුකට පත් වෙයි. විශේෂයෙන් අප මුහුණ දෙන සුලබ ගැටලුවක් වන ආදර සබඳතා බිඳ වැටීමටත් මෙය ප්‍රධාන කරුණක් වී තිබේ.
සාර්ථක, ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට නම් අනිවාර්ය අවශ්‍යතාවක් වන්නේ "සන්නිවේදනය' අප විසින් උගත යුතු වීමයි. එය තව දුරටත් සරසවියේ බිත්ති හතරට කොටු නොවිය යුතුය. අපේ ගේ තුළට, වැඩපළට කැන්දා ගත යුතුය.
හොඳ සන්නිවේදයකු වීමට අවශ්‍ය සෑම කරුණක්ම පාහේ මෙම කෘතියට ඇතුළත්ය. ඊට අදාළ කරුණු මෙහි පෙළ ගස්වා ඇති ආකාරයත්, ඒ කරුණු ඉදිරිපත් කිරීමේදී යොදාගෙන ඇති බස් වහරත් පොදු පාඨකයාට බෙහෙවින් ප්‍රයෝජනවත්ය.