Gamperaliya, Kaliyugya, Yuganthaya - Special 3 Volume Package - ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය නවකතා එකතුව

SKU:
MAT-NOV-00436
US $28.00
(No reviews yet) Write a Review

Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
Novels - නවකතා
Author : Martin Wickramasinghe

කතුවරයාගේ නිර්මාණ අතර ඉමහත් අවධානයට ලක් වූ කෘතීන් ත්‍රිත්වය මෙයයි. මින් ප්‍රථම කෘතිය වූ ගම්පෙරළිය මගින් නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය නිරූපණය විය.

සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ

කෙසේ වුවත් යටි පෙළින් දිවෙන මෙම විශ්ලේෂණය, එවැන්නක් නොහැඟෙන ආකාරයෙන් අතිශය සුන්දර සාහිත්‍යමය නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් වීම මෙහි ඇති සුවිශේත්වයයි.

පුරා දශක 7කටත් වැඩි කාලයක් පුරා පරම්පරා ගණනාවක් එකී ජීවිත තුළ අදටත් ජීවත් වෙමින් රසාස්වාදනය කිරීම, මේ නිර්මාණයන්හි ඇති සර්වකාලීනත්වය විදහයි