Gehanu Lamayi, Hathuru Hithak, Pirunu Hadak - Special 3 Volume Package - ගැහැනු ළමයි, හතුරු හිතක්, පිරුණු හදක් නවකතා එකතුව

SKU:
KAJ-NOV-00784
US $8.07
(No reviews yet) Write a Review

Publisher: Sarasavi - සරසවි ප්‍රකාශකයෝ
Novels - නවකතා
Author : Karunasena Jayalath

කරුණාසේන ජයලත් සිංහල නවකතාව නව ආරකට යොමුකළ ලේඛකයෙක් වශයෙන්්සමාජ අවධානයට යොමුවිය. ආදරය සහ සෞන්දර්ය සමග තරුණ හදවත් තුළට පිවිසි ඔහු සමානාත්මතාවය යුක්ති ගරුක බව ආදිය කැටිකර සමාජවාදී අදහස් තරුණ හදවත් තුළ රෝපණය කරන්නට සමත් වූ ලේඛකයෙකි. සමාජය වෙනස් විය යුතුයි යන්න ඔහු ගේ සිතුවිළි අතර රැුව් දුන් අතර ඒවා අනාගත පෙර නිමිති ලෙස තරුණ හදවත් තුළ සටහන් කළේය.

දම්මි සුගත් යැයි ඇසූ සැනින් අපගේ සිත නතර වන්නේ ''ගොළු හදවත" ලඟයි. මෙරට යොවුන් පරපුර කියවීමට හුරුකොට, මේ වෙනවිට පරම්පරා තුනක සිත් සතන් රසවත් කළ ඒ සදාතනික සිහිවටනයේ නිමැවුම්කරු, කරුණාසේන ජයලත්ය.

යොවුන් වියේ හෘද සංවාදය නිර්ව්‍යාජව හෙළිදරව් කරන්නට සමත් වූ අසහාය ලේඛකයෙකු ලෙස ඔහු ශ්‍රී ලාංකීය සාහිත්‍ය වංශ කතාව තුළ සදාකාලීනය. ඒ බව අදටත් ඔහුගේ කෘතීන් පොත් රාක්ක වල අඛන්ඩව දක්නට ලැබීමෙන් ස්ඵුට කරයි. ගොළු හදවත මේ වන විට සිය 31 වන මුද්‍රණයටත් සූදානම් වෙමින් සිටිනවා.

කරුණාසේන ජයලත්ගේ අතිශය ජනාදරයට පත් තුන් ඈඳුතු නවකතාව වන්නේ, "ගැහැනු ළමයි", "හතුරු හිතක්", හා "පිරුණු හදක්" ය.

සමාජ අසාධාරණය, තරුණ අසහනය, පන්ති පරතරය, මානව දයාව පිළිබඳ වූ යටි පෙළක් ඔහුගේ මෙම නවකතාවලින් දක්නට හැකිය.